AI 歌曲產生器 歌詞產生器 價格 我的歌曲

Love of Mom

Song generated By ✨Song.do

Song Cover
v1

@ Amitha Hettiarachchi

2026-07-14 05:04:13

歌詞

(පළමු පදය)

පුංචි ලෝකෙක මා ඇවිදින මo පෙත කෙළවරක
නිහඩව නුබ සිටියා හෙවනැල්ල වගේ
සුළං වැ හි කුණාටු කොපමණ ආවත්
මගේ හෙට දවසට නුබ හීන මැව්වා

හිස් අත්වල ආදරය කැටිකොට කුස ගිනි නිවීමට
දුක් ගිනි මැද දැ රූ ඒ වීරිය
සිනහව අතරින් ජීවිතය කියාදුන්
ආදරණීය ගුරුවරිය, නුබයි ඒ අම්මේ

(කෝරස්)
අම්මේ... නුඹයි මගේ ජීවිතේ හුස්ම,
නොනිදා ගෙවූ රෑවල් මගේ හෙට වෙනුවෙන්.
හෙලු දා බිදු තුලින් ලියවුන ඒ කතාවේ
ජීවිතයේ ලස්සනම පදය, නුබමයි අම්මේ

තුන් රුවනේ ආශිර්වාදය නුඹ වටේ රැඳේවා,
සතුටත් නිරෝගී බවත් හැමදාම ලැබේවා.
මගේ ලෝකය සම්පූර්ණ කළ ඒ සෙනෙහසට,
අම්මේ, සදාකාලිකව ආදරෙයි මම නුඹට.

(දෙවන පදය)
අසනීප වූ දා මා ලග හිද ගෙන
මගේ නළලේ අත තියා නුඹ අසලම උන්නා .
මට කිසිදා අඩුවක් දැනෙන්න නොදී,
නුඹේ හිතේ තිබුණු හැමදේම මට දුන්නා.

කාලය ගෙවුණත් මැකෙන්නේ නෑ ඒ මතක,
මාව දරාගෙන ආ ඒ ආදරේ ගැඹුර.
අදත් මගේ හදවතේ හැම තැනම ඇඳී තිබෙන්නේ,
අම්මේ, නුඹේ නාමයයි නිහඬව.


(Bridge)
කඳුළු සඟවාගෙන හිනැහුණු දහස් වාරයක්,
මගේ සතුට වෙනුවෙන් නුඹ අහිමි කළා නුඹවම.
අම්මේ, මේ උපන් දිනයේ මගේ එකම පැතුම,
දිගු ආයුෂක් සමඟ සතුටින් ඉන්න නුඹ හැමදාම.


(අවසන් කොටස)

අම්මේ, අද මම කවුරු වී සිටියත් මේ ලෝකයේ,
ඒ හැමදේම නුඹේ ආදරයේ ජයග්‍රහණයයි.
නුඹ වැගිරූ හැම දාඩිය බිඳුවක් වෙනුවෙන්,
අද මා හඩගා කියමි "ස්තුතියි" අම්මේ.

තුන් රුවනේ සෙවණැල්ල නුඹ වටේ රැඳේවා,
සෙනෙහසින් පිරි දිගු ජීවිතයක් ලැබේවා.
මේ ලෝකයේ මට ලැබුණු වටිනාම තිළිණය,
අම්මේ... ඒ නුඹමයි...

音樂風格

R&B, Classical, Sentimental, Male Vocals, Drums, Piano, Acoustic Guitar